FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකා පිළිබඳ නිදහස් පක්‍ෂ තීන්දුව හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමේ ගිවිසුමට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුලු පිරිසකට එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (05) පැවැත්වීමට නියමිත වේ.

නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හෙට පස්වරුවේ දී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන්නේ එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ප්‍රධානත්වයෙන් බවට වැඩිදුරටත් වාර්තා වේ.