(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙහිවල වෙරළ තීරයේ හෝටලයක් තුළ ඊයේ (02) සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 17 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් සිය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දෙහිවල පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 – 48 ත්
අතර පසුවන්නන් වේ.
මෙම සැකකරුවන් අම්බලන්ගොඩ, කලුතර, කුරුණෑගල සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා ගෑම් 04 ක්, මත්පැන් ලීටර් 38 ක්, මත් මුද්දරයක් සහ නීති විරෝධී මත් දුම්වැටි 28 ක් ද සොයා ගෙන ඇති අතර , සැකකරුවන් පිරිස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (03) ඉදිරිපත් කිරීමට නියමිතයි.








