FAST NEWS

24×7 Around the Globe

හඳුනා ගත නොහැකි හැදුනුම්පත් සඳහා මැතිවරණයට තාවකාලික හැදුනුම්පත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –මේ වනවිට භාවිත කරන ජාතික හැදුනුම්පත හෝ අනෙකුත් අනන්‍යතා පත්‍ර හදුනාගත නොහැකි මට්ටමක පවතින්නේ නම් එවැනි පුද්ගලයන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා තාවකාලික හැදුනුම්පත් ලබාගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අනන්‍යතාවය හඳුනා ගැනීම මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමේදී අත්‍යාවශ්‍ය කරුණක් වන නිසා ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය අපැහැදිලි නම් එම පුද්ගලයා විසින් තමන්ගේ ග්‍රාම සේවක නිලධාරියා මුණ ගැසී මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත ලබා ගැනීමට කටයුතු කරන  ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දීමක් කරයි.

මේ අතර ජනාධිපතිවරණ රාජකාරී සදහා සම්බන්ධ වන නිලධාරීන් දැනුවත් කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී සිදු කිරීමට නියමිතය.

දිස්ත්‍රික් මට්ටමින් එම නිලධාරීන් දැනුවත් කිරීමේ සහ එම පුහුණු කටයුතු මේ වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් සිදුකරමින් සිටිනවා.

එමෙන්ම ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් සම්බන්ධයෙන් කොළඹදී ඊට අදාල පුහුණුවීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

දිස්ත්‍රික් මට්ටමේ ගණන් කිරීමේ නිලධාරීන් සම්බන්ධයෙන් අදාල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් පුහුණුවීම් කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.