(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ පක්ෂ තීන්දුවට එරෙහිව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙනි.
ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
ඊට අදාළ අවසන් තීන්දුවට ලබන අඟහරුවාදා පස්වරුවේ රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව වාර්තාවේ.








