FAST NEWS

24×7 Around the Globe

දෙමළ සන්ධානයේ තීරණය ලබා දීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පළ කරන පාර්ශවය සම්බන්ධයෙන් ලබන සතියේ අවසන් තීරණය ප්‍රකාශ කරන බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ඊයේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඉදිරි දින තුන තුළ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත හැකි බවයි.

ජනාධිපති අපේක්‍ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් පරීක්‍ෂා කර බලා ඒ පිළිබඳව තීරණයක් ගන්න බව විග්නේෂ්වරන් මෙහිදී පවසා ඇත.

“විදේශ රටවල හිත දිනා ගන්න ඉංග්‍රීසි භාෂාවෙන් එක දෙයක් කියලා සිංහලෙන් තව එකක් කියලා ද බලන්න  ඕනි”. මේ සම්බන්ධයෙන්  අධ්‍යයනය කර නීති විශාරද උපදෙස් මත තීරණයක් දැනුම් දෙන බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.