FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ නීති කැඩූ තිදෙනෙක් අත්අඩංගුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් ඡන්ද සලකුණු කර, ඒවා ඡායාරූප ගත කළ ගුරුවරු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගම්පොළ, කැකිරාව, කටුගස්තොට ප්‍රදේශයන් හිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

මේ අතර, ඡන්දය සලකුණු කරන ලද පත්‍රිකාවල ඡායාරූප සමාජ මාධ්‍ය වෙත යොමු කළ සහ ඒවායේදී හුවමාරු කළ පුද්ගලයින් සොයා පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.