FAST NEWS

24×7 Around the Globe

රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි දිවි ගමනට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන චන්ද්‍රා කළුආරච්චි මහත්මිය අභාවප්ප්‍රාප්ත විය. 

මිය යන විට ඇය 76 වන වියේ පසුවිය.

චන්ද්‍රා කළුආරච්චි මහත්මිය ප්‍රවීන සංගීත ශිල්පී ලක්ෂ්මන් විජේසේකර මහත්මාගේ ආදරණීය බිරිඳයි.

ඇය රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට අතර රෝමියෝ ජුලියට් කතාවක්, දඬුමොණරා, ආරාධනා, බොරදිය පොකුණ සහ නිසල ගිර ආදී නිර්මාණ බොහෝ ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ තවමත් ජීවමානව පවතී.