(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සහ වවුනියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.සේනාරත්න සම්බන්ධ සම්පූර්ණ බී වාර්තා සම්පිණ්ඩන දින 3 ක් තුළ ලබාදෙන්නැයි වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබේ.
එහිදී දන්වා ඇත්තේ ඒ සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කරනුයේ ඒ සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව නීතිපතිවරයාගේ අවධානය යොමුවූ බවයි
රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සහ වවුනියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 06 දෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් පසුගියදා ඇප මත මුදා හැර තිබිණි.








