FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී රත්‍රන් සමඟ පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු විසින් රුපියල් තුන් කෝටි දහනව ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා කිලෝග්‍රෑම් 4.7ක් බරැති ස්වර්ණාභරණ නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ඒමට තැත් කිරීමේදී ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගුව සඳහන් කරන ආකාරයට ඔවුන් සිය කලිසම් සාක්කුවල සහ භාවිත කළ ඇදුම් සමඟ මෙම ස්වර්ණාභරණ සඟවාගෙන පැමිණ ඇත.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවට සඳහන් වන මෙම පුද්ගලයින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඊයේ (31) මෙලෙස රත්‍රං රැගෙන පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර අවුරුදු 30ත්, 50ත් අතර වයස්වල පසුවන්නන් බවට වාර්තා වේ.