(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දඹුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සංගීත විෂය උගන්වන ගුරුවරයෙකු අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාර ගුරුවරයා විසින් 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු නාවුල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.








