FAST NEWS

24×7 Around the Globe

ඡන්දය ප්‍රකාශ කිරීම ෆේස්බුක් දැමුවහොත් සිර දඬුවම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දය ප්‍රකාශ කර “ෆේස්බුක්“සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීති විරෝධි කාර්යක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර 3ක සිර දඬුවමකට ලක්විය හැකි බවත් මහතා ප්‍රකාශ කර සිටියේය.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ අද(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ තහනම් කර තිබියදී රජයේ නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම ඉතාමත් කණගාටුදායක බවයි.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවහොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිධාරීවරයාට එරෙහිව ක්‍රියා කිරීමට සිදු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.