FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද (31) ආරම්භ වෙයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරිම අද (31) සහ හෙට (01) යන දෙදින තුල සිදු කිරිමට නියමිත අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරිම ලබන 04 වනදා සිදු කෙරෙන බවයි.

මෙම දිනයන් වලට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවති.