FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද නිරීක්ෂකයින් 1000ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් ඡන්දය පැවැත්වෙන මුල් දිනයේ එනම් හෙට දිනයේ (2019.10.31) පැවැත්වෙන තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන සඳහා පැෆ්රල් සංවිධානය විසින් විධිමත් පුහුණුවක් සහිත නිරීක්ෂකයින් 1000කට අධික පිරිසක් දේශපාලන වශයෙන් සංවේදී සහ සැළකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් සහිත ලංකා ගමනාගමන මණ්ඩල, අධ්‍යාපන කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රාජ්‍ය ආයතනවලට යෙදවීමට කටයුතු කර තිබේ.

ඉදිරි තැපැල් ඡන්ද විමසීමේ දිනවලදී ද පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන අතර, ඡන්දය භාවිත කරන සියලු තැපැල් ඡන්ද හිමියන්ගෙන් , තමන්ගේ තැපැල් ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව සාමකාමීව තම තමන්ගේ දෛනික කටයුතුවල නිරතවන ලෙසෙ එම සංවිධානය ඉල්ලා සිටියි.