FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් ජාවාරම්කරු පෝරකයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (30) මරණ දඩුවම නියමකර තිබේ.

මරණ දඩුවම නියම වූ විත්තිකරු රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38ක් වයසැති දෙදරු පියෙකි.

සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගනු ලැබුවේ 2017 වසරේ මැයි මස 17 වනදායි.

2017 වසරේ මැයි මාසයේදී මෙම විත්තිකරු හෙරොයින් ග්‍රෑම් 9.6 ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහුට එරෙහිව පෙර වැරදි හයක් ද තිබුණු බව සඳහන්.