FAST NEWS

24×7 Around the Globe

මෙරට දෙවන ජාතික රෝහල අද නම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර ශික්ෂණ රෝහල මෙරට දෙවන ජාතික රෝහල ලෙස අද (30) නම් කර තිබේ.

අද පෙරවරු 9 ටජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෛද්‍ය මධ්‍යස්ථානය වන මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත්වීමත් සමඟ එම රෝහල මඟින් සිදුකෙරෙන සේවය තවදුරටත් පුලුල් වනු ඇත.