FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (31) සහ අනිද්දා (01) දෙදින තුළ අදාළ සේවා ස්ථානවල දී පැවැත් වේ.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවලට ආරක්‍ෂාව සැපයීමට හා අධීක්‍ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට සිදුව ඇති හෙයින්, සියලූම පොලිස් ස්ථානවල හා සියලුම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 හා 05 දිනවල සිදුකිරීමට නියමිතය.

අදාළ දිනයන් හි දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය සේවයේ අයදුම්කරුවන් 6,59,317 ක් සුදුසුකම් ලබා තිබේ.