FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාතේ සියලු පාසල් හෙට නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා විසින් දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලූම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලූම පාසල් හෙට (30) වසා දමන ලෙස පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර අවදානමකට සහ නායයාම් අවදානම්වලට ලක්වී අතර අද (29) දකුණු පළාතේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලයේ කැලඹිලි ස්වාභය මේ වන විට ආරාබි මුහුද දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින වැසි තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන කරනු ඇති අතර දැනට පවතින වැසි තත්ත්වය විශේෂයෙන් නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් අද දිනයේදී තවදුරටත් පවතිනු ඇත.