FAST NEWS

24×7 Around the Globe

ජගත් මානව හිමිකම් වාර්තාවට ලක් රජයෙන් පිළිතුරු.

ජගත් මානව හිමිකම් වාර්තාව මානව හිමිකම් සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් මිස අපරාධ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයක් නොවන බව රජය පවසයි.

යුද ගැටුම් නිමාවට පත් කිරීමෙන් පසු ජාතීන් අතර සමඟිය සහ සංවර්ධනය සමඟින් ඉදිරියට ගමන් කිරීමට ලක් රජය කටයුතු කර තිබෙනවා.

එහෙත් රට තුළ දිගුකල් පවතින සාමය සහ සංහිඳියාව වෙනුවෙන් සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය අවධාරණය කරන්නේ.සෑම පාර්ශවයක් සමඟම සංවාද සහ මඟ පෙන්වීම තුළින් දිගු කාලීන සාමයකට අවශ්‍ය පියවර ගැනෙනවා.

ගැටුම් වලට මැදි වූ ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, හමුදාව, අන්තර්ජාතික ආයතන මෙන්ම ජගත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්යාලය සමඟ පුළුල් සම්බන්ධීකරණයකින් කටයුතු කරන බවයි ද ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පෙන්වා දෙන්නේ.

ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය විශේෂ ප‍්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජගත් මානව හිමිකම් කවුන්සිල වාර්තාව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (16) ඉදිරිපත් කිරීම වෙනුවෙන්.

එමෙන්ම මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙයින්ගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.