FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ජනාධිපතිවරණය සඳහා සහභාගි කර ගන්නා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි. 


ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි තේරීම් භාර නිලධාරීන් සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් මෙම කටයුතු සිදුකරනු ඇති බවත් , ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා ආරක්ෂක අංශ නිලධාරීන් සමගද මේ දිනවල සාකච්ඡා සිදුකරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.