FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර පළාත සඳහා නව හෝටල් පාසලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරයේ නව හෝටල් පාසලක් විවෘත කිරීමේ උත්සවය  ඊයේ (24) දා ත්‍රීකුණාමලය නිලාවේලි හි දී කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ගේ වෘතීය නිපුණතාවය ඔපනන්වා ගැනීමට මෙම නව හෝටල් පාසල උපකාරී වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය. මෙම නව හෝටල් පාසල ඉදිකිරීමට රුපියල් මිලියන 165ක මුදලක් වැයවී ඇත. මෙම හෝටල් පාසල තුළ මේ වනවිට පුහුණු පාඨමාලා 4ක් ආරම්භ කර ඇත.

  • National Certificate – Baker – NVQ Level – III
  • National Certificate – Cook – NVQ Level – III
  • National Certificate – Room Attendant – NVQ Level – III
  • National Certificate – Waiter / Steward – NVQ Level – IV

මෙම සියලු පාඨමාලා මගින් සිසුන් සියයකට ආසන්න පිරිසක් සදහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පාඨමාලා හැදෑරීමේ පහසුකම් සලසා දී ඇත.