(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ආයතනවල දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම අදින් (25) අවසන් වීමට නියමිතව ඇත.
මේ මස 31 වැනිදායින් එම කොමිසමේ කාලය අවසන් වීමට තිබෙන බැවින් පැමිණිලි විභාග කිරීම නතර කිරීමට තීරණය කර තිබේ.
ඉදිරි දින කිහිපය තුළ පැමිණිලි විමර්ශනයේදී සටහන් කරගත් සාක්ෂි සමාලෝචනය සිදුකරන අතර අනතුරුව අවසන් වාර්තාව සකස් කෙරෙනු ඇත.








