කඩුවෙල – කඩවත පිටත වටරවුම් මාර්ගය අද ජනතා අයිතියට පත් කිරීමත් සමග අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහන සඳහා අය කරන ගාස්තුද විශ්වවිද්‍යාල හා මහමාර්ග අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
කොට්ටාව සිට ගාල්ල, මාතර දක්වා දැනට විවෘතව පවතින දක්ෂිණ අධිවේගී මාර්ගෙය්ම දිගුවක් ලෙස රට මැදින් ඉදිරියට ඇදෙන මෙම පිටත වටරවුම් මාර්ගයේ දෙවැනි අදියර ජනතා අයිතියට පත්කිරීම අද සිදුවේ.
කඩුවෙල සිට කඩවත දක්වා වටරවුම් මාර්ගයේ දිග කිලෝමීටර් 9ක් වන අතර මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 44ක් බව සඳහන්ය.කොට්ටාව සිට කඩුවෙල දක්වා පළමු අදියර මීට පෙර ජනතා අයිතියට පත්කර තිබේ.
කඩුවෙල සිට කඩවත දක්වා ඉදිකළ මෙම පිටත වටරවුම් මාර්ගය කොළඹ – මහනුවර – දඹුල්ල දක්වා දිවෙන අධිවේගී මාර්ගයටත්, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයටත් ඉදිරියේදී සම්බන්ධ කිරීමට ද අවධානය යොමුව ඇත.
ඒ අනූව නවතම ගාස්තු අවස්ථා පහත පරිදිය.
කඩවත – මාතර (සැහැල්ලු වාහන ගාස්තු)
කඩුවෙල – රු.100
අතුරුගිරිය සහ කොට්ටාව – රු.150
කහතුඩුව – රු. 200
ගැලනිගම – රු.250
දොඩන්ගොඩ – රු.300
වැලිපැන්න – රු.350
කුරුඳුගහහැතැක්ම – රු. 400
බද්දේගම – රු.450
පින්නදූව (ගාල්ල) – රු.500
ඉමදූව – රු.550
කොක්මාදුව – රු.600
ගොඩගම (මාතර) – රු.650
කඩවත – මාතර අතර ගමන් ගන්නා බර වාහන සඳහා අවම ගාස්තුව රුපියල් 200කි.
උපරිම ගාස්තුව (පින්දූවට) 1750කි.
කඩවත සිට ගාල්ලට සහ මාතරට මගී බස්රථ සේවාක්ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනූව කඩවත – මාතර ගාස්තුව රුපියල් 500කි.
කඩවත – ගාල්ල ගාස්තුව රුපියල් 400කි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.