(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මහව දක්වා සීමා කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පීලිපැනීමට ලක්වූ දුම්රිය මැදිරි හයෙන් තුනක් මේ වන විට පීලිගත කර ඇති අතර , පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම සහ අනෙකුත් මැදිරි තුන පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.
පෙරේදා (21) රාත්රියේ කොළඹ කොටුවේ සිට ධාවනය වූ මීනගයා දුම්රිය පීළි පැනීමට ලක්වූයේ අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.








