(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියාකරන මුල්‍ය කාර්යය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් හෙවත් අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පැරසීයේ පැවති මුල්‍ය කාර්යය සාධක බලකා සැසිවාරයේ මුල්‍ය කාර්යය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට දී තීරණය කර ඇත.
2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රමෝපායවල දුර්වලතා සහිත රටක් ලෙස මුල්‍ය කාර්යය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙහි ලැයිස්තු ගත කරනු ලැබීය.
ඒ අනුව ශ්‍රී ලංකාව අළු ලේඛනයෙන් ඉවත් කිරීමේ තීරණයට මුල්‍ය කාර්ය සාධක බලකායේ සියලු සාමාජිකයින් අනුමැතිය පල කර ඇති අතර මෙමඟින් ශ්‍රී ලංකාවට ආර්ථිකමය සහ මුල්‍යමය වශයෙන් හිතකර බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.








