එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ වෙන්වී නව පක්ෂයක් ගොඩනැගීමට කල්පනා කරන්නේ නම් එය ඉතාම වැරදි ක්‍රියාවක් බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
පක්ෂ කාර්යාලයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින අතර, එය අහිමි කිරීමට කිසිවෙකුට නොහැකි බව මන්ත්‍රීවරයා පැවසීය.
එ.ජ.නි.ස.යෙන් වෙන්ව නව පක්ෂයක් නිර්මාණය කිරීමට කිසිවකු උත්සාහ කළහොත් එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රජයට සිදුකරන විශාල සේවාවක් බවද නානායක්කාර මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව මැතිවරණයට පෙර ලබාදුන් සියලුම පොරොන්දු මේ වනවිට කඩකර ඇති බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.
මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව ජෝන් සෙනෙවිරත්න මහතාට විරුද්ධව පෙත්සමක් අත්සන් කරන බවත්, ඔවුන්ගෙන් ලබාගත් ඡන්ද නැවත ඔවුන්ට ලබාදෙන ලෙස එමගින් ඉල්ලා සිටින බවත් වාසුදේව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“අපි සන්ධානයේ නියෝජිතයො හැටියටයි පෙනී සිටින්නෙ. ඒක කාටවත් අහිමි කරන්න බැහැ. සමහරු කල්පනා කරනවා අලුත් පක්ෂ හදන්න. ඒක ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. අලුත් පක්ෂ හැදුවොත් අපි සන්ධානයේ බලවේග මෛත්‍රී මහත්තයාගෙ යූ.එන්.පී. හවුල් පෙරමුණට භාරදුන්නා වෙනවා. ඒ වගේ තෑග්ගක් මෛත්‍රීපාල මහත්තයාට ලබාදුන්නොත් ඒක මෛත්‍රීපාල යූ.එන්.පී. හවුල් පෙරමුණට කරන ලොකු සේවයක්. ඒ නිසා අලුත් පක්ෂ හැදීම ඉතාමත්ම නිශේධනීය ක්‍රියාවක්. සන්ධානයේ බලවේග සන්ධානයේ නාමයෙන් ඉදිරියටත් ගෙනයෑමයි අපි කළ යුත්තේ. අපි පළාත් පාලන මැතිවරණවලට තරග කළ යුත්තෙ සන්ධානයක් වශයෙන්” යැයි පැවසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.