(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිවාස සංවර්ධන අධිකාරීයට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ගයන් ගැනීමට නියමිත අතර , අදාළ ආයතන මැතිවරණ නීති උල්ලංඝණය කරමින් එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලද පැමිණිලි මත අවස්ථා ගණනාවකදී ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නද ඔවුන් කොමිෂන් සභාවේ අණ නොතකමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
එමෙන්ම , රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි දිගින් දිගටම ලැබෙමින් පවතින බව ද මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.








