(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.
පසුගිය අට වැනිදා සිට ඊයේ(19) දක්වා පැමිණිලි 1034ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
පැමිණිලි 992ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 08ක් ද ඒ අතර වේ.
මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 96ක් ලැබී ඇත.








