(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට පක්ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතායි.








