FAST NEWS

24×7 Around the Globe

කංජිපානි ඉම්රාන් යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන මස පළ වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාහැරීම සඳහා කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කළ බවට කංජිපානි ඉම්රාන්ට එරෙහිව චෝදනා එල්ල විය.

මෙම සැකකරු ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව මත මේ වනවිටත් සය වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමකට ලක්ව ඇත.