(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර විසින් ප්‍රධාන මාර්ග ආසන්නයේ රථ වාහන නවතා යන්නේ නම්, තම අනන්‍යතාවය සහතික කිරීම සදහා දුරකථන අංකය පිටතට පෙනෙන ආකාරයෙන් ප්‍රදර්ශනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මීට අමතරව, කාර්මික දෝෂයකට ලක්වූ රථ මාර්ගය ආසන්නයේ නවතා යන්නේ නම්, ඒ පිළිබදව පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.








