FAST NEWS

24×7 Around the Globe

ගෝඨාට එරෙහි නඩුව කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදි රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා දක්වා කල් තැබීමට අද(15) නියෝග කළේය.

ඊට අදාළ නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදි මෙලෙස නියෝගය නිකුත් කර තිබේ.

නඩුව කල් තැබීමට හේතුව වනුයේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කිරීමයි.