(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගිවිසුමකට අත්සන් තැබීම ලබන 19 වැනිදා පෙරවරුවේ සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙයට අත්සන් තැබෙන බව මහලේකම්වරයා සඳහන් කරයි.
එම පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමට පසුගිය 10 වැනිදා අත්සන් තැබුණි.
පක්ෂ දෙක අතර තවත් ගිවිසුමකට ඉදිරියේ දී අත්සන් කරන බවද දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.








