මුතුහෙට්ටිගමගේ මහතා ඇවිද්ද කාලය අවසන් බවත් දැන් දිවීමට කාලය පැමිණ තිබෙන බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම වැඩභාර ගැනීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එම උත්සවය අමතමින් නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ,
“මගේ ඉලක්කය කොමිස් ගහන එක නෙමෙයි. දූෂණය කරන එක නෙමෙයි. වංචා කරන එක නෙමෙයි. හොරකම් කරන එක නෙමෙයි. මම ප්‍රියකරන ක්‍රීඩා නායකයා අර්ජුන රණතුංග. මම විශ්වාසයෙන් කියනවා වැඩි ඈතක නැතිව මේ රජයේ මම ප්‍රියකරන අමාත්‍යවරයාත් අර්ජුන රණතුංග බවට පත් වෙයි කියලා. මට පුළුවන් වුණොත් ගාල්ල වරාය දියුණු කරන්න, ශක්තිමත් කරන්න ඒක තමයි අපි ලබන ජයග්‍රහණය. මම ඒ තත්ත්වයට යනවා මිසක් මගේ ගාල්ලේ බද්දේගම ආසනයේ සිටින ජනතාව ගෙනල්ලා වරාය පුරවලා, වරායට හානි කරලා යන කෙනෙක් නෙමෙයි මම” යැයි පැවැසීය.
එහිදී අදහස් දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා
“මටත් අවශ්‍ය හොරකම් කරන්නේ නැති අය. මටත් අවශ්‍ය කප්පම් ගන්නේ නැති අය. මටත් අවශ්‍ය කොමිස් ගහන්නේ නැති අය. නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යතුමාට පැත්තකට වෙලා ඉන්න දෙන්නේ නැහැ. එතුමා ආවේ වැඩ කරන්න. එතුමා ඇවිද්ද කාලේ ගියා. දැන් දුවන්න ඕන කාලේ ඇවිත්. මාත් එක්ක දුවන්න ඉගෙන ගන්න ඕන. මටත් ලේසි නැහැ දුවන්න. එතුමාටත් ලේසි නැතිවෙයි දුවන්න. නමුත් ඉදිරි අවුරුදු 5දී අපි දෙන්නා එකතුවෙලා මේ වරාය මේ රටේ ප්‍රධාන ආයතනයක් බවට පත් කරනවා.” යැයි පැවැසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.