(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෝටර් වාහන මත කාබන් බද්ද පැනවීම සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත්කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.
මෝටර් වාහන සඳහා හඳුන්වාදුන් කාබන් බද්ධ දැනට ක්‍රියාත්මක වන්නේ වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගතවූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව වන අතර මුදල් පනතට එක්කරන සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.








