FAST NEWS

24×7 Around the Globe

එල්.ටී.ටී.ඊ යට සහය දැක්වූ 07ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ මලයාසියාවේ ඩී.ඒ.පි පක්ෂ නියෝජිතයින් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට  සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එරට පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළේය.

එල්.ටී.ටී.ඊ  සංවිධානය යලි ගොඩනැංවීම සඳහා මූල්‍ය පහසුකම් සැලසූ බවට මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වෙයි.