FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටියට විශේෂ ආරක්ෂාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙට (11) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළව පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය. 

ඒ අනුව පොලිස් මාර්ග බාධක, ජංගම මුර සංචාර ආදී ආරක්ෂක විධිවිධාන රැසක් ක්‍රියාත්මක කර ඇත.

එම ප්‍රදේශයේ කැරලි මර්දන කණ්ඩායම් 04 ක් ද ඇල්පිටිය සහ පිටිගල යන පොලිස් වසම් වෙත යොමුකර ඇති අතර , පොලිස් නිලධාරින්ට අමතරව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද පිටත් කර යවා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.