FAST NEWS

24×7 Around the Globe

ලබන වසරේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 පළමු මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම මේ මස 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ලබන වසර සඳහා විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා තෙක් පළමු මාස 4 සඳහා රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙම අතුරු සම්මත ගිණුමට ඇතුළත් වේ.