FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කටයුතු සඳහා විශේෂ නිරීක්ෂණ වැඩපිළිවෙලක් [AUDIO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනම ආවරණව වන පරිදි ඉදිරි ජනාධිපතිවරණ නීරීක්ෂණ කටයුතු සදහා මැතිවරණ නිරීක්ෂකයින් දසදහසකට ආසන්න පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පවසයි.

මැතිවරණ කාල පරාසය තුල රාජ්‍ය දේපල අවභාවිතයන් සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමුකරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර කැෆේ සංවිධානය විසින් මැතිවරණ නිරීක්ෂන කටයුතු සදහා නිලධාරීන් 7500 දෙනෙකු අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.


එමෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සදහන් කළේ ඉදිරි මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා සාමාජිකයින් 5200ක් සහ ජංගම නිරීක්ෂණ රථ 100ක් පමණ යොදවීමට පියවර ගන්නා බවයි.