FAST NEWS

24×7 Around the Globe

නාමයෝජනා භාර නොදුන් සය දෙනෙකුගේ ඇප මුදල් ආපසු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර එහෙත් නාම යෝජනා භාර නොදුන් අපේක්ෂකයින්ගේ ඇප මුදල් යළිත් මැතිවරණයෙන් පසු ඔවුන්ට ගෙවීමට තීරණය කර තිබේ.

ඇප මුදල් රාජ සන්තක වන්නේ ජනාධිපතිවරණයට තරඟ කර ප්‍රකාශිත ඡන්දවලින් සියයට 12.5කට වඩා අඩුවෙන් ලබා ගත් අපේක්ෂකයින්ගේ පමණක් බව ඔවුන් පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, වෙනත් පක්ෂ 3 කින් සහ ස්වාධීන අපේක්ෂකයන් 19 කින් ජනාධිපතිවරණයට අදාලව ඇප මුදල් තැන්පත් කර තිබිණි.

ඊයේ (07) ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ අපේක්ෂකයන් 41 දෙනෙකුගෙන් 06 දෙනෙකු නාමයෝජනා භාර දීම සිදු කළේ නැත.