FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව සති දෙකකට ආසන්න කාලයක් පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. 

වැටුප් විෂමතා ගැටළු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, නියාමකයින් සහ ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වර්ජනය අද 12 වන දිනටත් ක්‍රියාත්මක කළේය.

දුම්රිය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ පෙරවරුවේ දුම්රිය විස්සක් ධාවනයට එක්කළ බවයි.