(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වාත් 9 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වාත් පාසල් විෂය නිර්දේශයට නීතිය ඇතුල් කිරීමට දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා මඟින් සිදු කෙරෙන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල කොළඹ අද(02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළාය.
45000 පමණ නඩු තිබෙනාවූ නීතිපති දෙපාර්තමේන්තුවේ 18500 කට වැඩි ප්‍රමාණයක් ළමා අපචාර නඩු අතරින් මේ වනවිට එය 7000ක් දක්වා එම ප්‍රමාණය අඩු වී ඇති බවත් රට පුරා මේ වන විට ළමා අධිකරණ රැසක් බිහි කර ඇති අතර ඉදිරියට පළාතකට එක බැගින් හෝ බිහි කිරීමට බලාපොරොත්තු වන බව ඇය පවසා සිටියාය.
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සුහද ගම්ලත් මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම්දී ඇතැයි ද රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙක් බැවින් විවිධ දේශපාලන ප්‍රකාශ මාධ්‍ය වෙත සිදු කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.








