(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වැටුප් විෂමතා ගැටලු මුල්කර ගනිමින් පසුගිය 25 වනදා ආරම්භ කළ වැඩ වර්ජනය අද (02) 7 වන දිනටත් ක්‍රියාත්මකයි.
පසුගියදා දුම්රිය වෘත්තිය සමිති සහ වෘත්තිය සමිති ගැටලු පිළිබද සොයා බැලීමට පත්කළ කමිටුව සමඟ සාකච්ඡාවක් පැවති අතර එය අවසන් වුයේ කිසිදු එකගතාවයකින් තොරවයි.
ඒ නමුත්, අදාල වෘත්තිය සමිති ගැටලු පිළිබද ඊයේ (01) රැස්වු කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමු කර විසදුම් ලබා දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේය.








