FAST NEWS

24×7 Around the Globe

එජාපයේ නැගෙනහිර මන්ත්‍රීවරු දිව්රුම් දෙති.

නැගෙනහිර පලාත් සභාවේ පුරප්පාඩු වි පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රි ධූර දෙක සදහා නම්කල දෙදෙනා පලාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති ඉදිරියේ මන්ත්‍රිවරු ලෙස දිවුරුම් දුන්නේය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රි ඉම්රාන් මහරුප් පාර්ලිමේන්තුවට තේරිපත්විම නිසා ඇති වු පුරප්පාඩුවට වෛද්‍ය අරුණ සිරිසේන එක්සත් ජාතික පක්ෂය මගින් නම් කර තිබුණි.

අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රි දයා ගමගේ පාර්ලිමේන්තුවට තේරි පත්වු අතර ඒ වෙනුවට මෙත්තානන්ද සිල්වා නම් කර තිබුණු අතර දෙදෙනා වෙන වෙනම සභාපතිවරයාගේ නිවසේදි නව මන්ත්‍රිවරු ලෙස දිවුරුම් දි තිබුණි.

පලාත්සභා මන්ත්‍රි වෛද්‍ය අරුණ සිරිසේන කලක් වෘත්තියෙන් වෛද්‍යවරයෙකුව සිට පුර්ණකාලීනව දේශපාලනයේ නියැලෙන සේරුවිල ආසන – පළමු සංවිධායක වරයාලෙස දැනට කටයුතු කරයි.

මෙත්තානන්ද සිල්වා දමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන අතර කෙටිකලක් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කලේය.