(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ජිවත් වන සිංහල ජනතාව සියයට 75 ක් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ජන්දය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ කිලිනොච්චිහි පක්ෂ කාර්යාල විවෘත කිරීමේ සමාරම්භක උත්සවයට එක වෙමිනි.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පැවසුවේ එවැනි තීරණයකට සිංහල ජනතව එළඹී නොමැති බවත් මෙම ප්‍රකාශය සුළු ජාතීන්ට අනියම් ආකාර තර්ජනයක් බවත්ය.
ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් කරගෙන යන මැතිවරණ ප්‍රචාරයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.








