FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති කොමිසමේ කාලය ලබන 31 වනදා දක්වා දීර්ඝ කර ඇත. 

වත්මන් රජයේ සිදුවූ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ජනවාරි මස 22 වනදා මෙම කොමිසම පත්කරනු ලැබීය.

රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සම්බන්ධ පැමිණිලි මේ වන විට 1343 ක් ලැබුණු බව ජනාධිපති කොමිසම සඳහන් කළේය.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් ද කැඳවනු ලැබීය.

ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පසුගිය 26 වනදා ජනාධිපතිතුමාට භාර දුන්නේය.