(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔක්තෝබර් 9 සිට 12 දක්වා කාලය තුළ විදෙස් ගත වීමට ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
මේ සමඟම, තමන්ට පණවා ඇති විදෙස් ගමන් තහනම සහ අධිකරණය භාරයේ තිබෙන විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසටද ඔහු ඉල්ලීමක් කර ඇත.
කෙසේවෙතත්, රජයේ අධි නීතීඥවරයා සඳහන් කළේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදෙස් ගත වීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර නොමැති බවයි.
ඒ අනුව නීතිපති උපදෙස් ලබාගැනීම වෙනුවෙන් ඔහු අධිකරණයෙන් කල් ඉල්ලා සිටි අතර මෝසම අනිද්දා දිනයේදී යළි කැඳවීමට නියමිතයි.








