(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන්නා වූ සියලුම චෝදනා අසත්‍ය බවත් ඔවුන් මෙය සිදු කරනුයේ දැනටන් මත් පරාජය බාරගත් නිසාවෙන් බවත් ඊයේ(30) රාත්‍රියේ මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරුන් රැසක් සමඟ පැවති සාකච්චාවකින් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේය.
ඔහු මෙලෙස ප්‍රකාශ කලේ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති පක්ෂ නායක රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුවයි.
තමා කිසිදු ආකාරයකින් වෙනත් පක්ෂයක් සමඟ එකතු වීමට සුදානමක් නැති බවත් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය සමඟ දිගු ගමනක් යාමට තමන් සුදානම් බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.








