FAST NEWS

24×7 Around the Globe

හබරණ ඇතින්නියන් මිය යාම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හබරණ – හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් සය දෙනෙකු සහ වන අලියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා අතර අද (01) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 

මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි වනජීවි, සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ සදහන් කළේ.

කෙසේවෙතත් ඇතින්නියන්ගේ මරණයන් පිළිබඳව වගකීම රජය භාර ගන්නා බවත් , මාධ්‍ය මගින් දැනුවත් වනතුරුත් ඇමතිවරයා හෝ රාජ්‍ය ඇමැතිවරයා මේ පිළිබඳ දැන නොසිටි බවද රංජිත් අලුවිහාරේ අමාත්‍යවරයා සදහන් කර තිබුණි.