FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයගේ හැදුනුම්පත් පිලිබඳ තොරතුරු ලබා දෙන්නැයි අධිකරණයට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලබාගෙන ඇතැයි කියන ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග නිකුත් කර තිබේ.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ආගමන විගමන පාලක ජනරාල්වරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට මෙලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.