FAST NEWS

24×7 Around the Globe

ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව කැබිනට් මණ්ඩලයට – සජිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වැටුප් ගැටළු මූලික කරගෙන පසුගිය දින කීපය පුරාවටම කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ආබාධිත රණවිරුවන් විරෝධතාවයක් දියත් කළ අතර , මෙම ආබාධිත රණවිරුවන්ගේ ගැටලු පිළිබඳව හෙට (01) දිනයේ කැබිනට් මණ්ඩලයට යොමු කර පිළිතුරක් රැගෙන යළි රණවිරුවන් හමුවන බව එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.